a

Thursday, February 23, 2012

ජපන් අර්ථිකයේ හෙට එච්චර කළුවර නෑලු......හෑබැයි ෂුවර් නැහැ .අනිද්දාට තිත්ත කළුවර වෙන්නත්පුළුවනි!....

"යාන්තං ආවලු? "
"මාස 6කට පස්සේලු"
"සමහරුනම් කියුවේ වලේම තමයි කියලා,මෙච්චර ඉක්මනට එයි කියලා කවුද? හිතුවේ"
"ඔහොමං යං ඔහොමං යං"

-මාස 6ක පසුව ඊයේ දින ටෝකීයෝ විදේශ මුදල් හුවමාරු පොළ තුළ ජපාන යේන් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 1ක් ඩොලරයක් සඳහා යේන් 80ව දක්වා බාල්දුවීම සිදුවිය.- පුවතක්



පුවතක් කියලා කියුවාට එක පුව්වතක් නෙමයි ඊයේ රැ පුරා අද උදේ පත්තර සකල විධ මාධ්ය වාර්තා කලේ ඔය නිවුස් එක තමයි.ජප්පෝ ඉතින් ලංකවේ අපි වාගේ තමයි බොර තෙල් ඉදන් අනිකුත් සෑම සියළු අමුද්රව්ය පිටරටින්නේ ගෙන්වන නිසා කොකටත් කියලා බස් එකේ නගින්න වඩිපුර කාසි කීපයක් සාකුවේ දා
ගෙන තමයි මං එලියට බැස්සේ.දේශිය මුදල් ඒකකය බාල්දු වේනවා කියන්නේ ඉතින් ආනයන භාණ්ඩ වල මිල වැඩීවිම අනිවාර්යයි කියලා තමයි අපිට අර්ථික විද්යවේ ඉගැන්නුවේ(අපිට කියුවාට ඉතින් හරියටම අල්ලපු කාලස් එකේ කට්ටියට තමයි ඔය කතාව ඉගැනුවේ දන්නවානේ A/Lකාලේ දැනුම පිපාසයේන් පිරුනු අපි එහා ක්ලාස් එකේ තියරි තමයි වැඩියෙන්ම ඉගෙනගත්තේ) (නැත්නම් ඉතින් අණ්ඩුව විසින් පාඩුව දරාගෙන සහනධාරයක් දෙන්න ඔන්නේ)බස් ගාස්තවනම් වෙනදා ගානම තමයි.පාරේත් හා හුවක් නැහැ...පිකිටිං පෙළපාළි තිය ජපන් කොමිනිසුට් පක්ෂයේ තැනින් තැන වෙනදාට අණ්ඩුවට විරෝධය දක්වලා එල්ලන පොස්ටරයත් නැහැනේ.බස් එකේ වෙනදාට මැලවුනු මුණු වලින් "ජපන ආර්ථික පුවත් පත" කියවන කලු සුට් කාරයෝ ටික මෙන්න සෙට් වෙලා ගජරාමේට කතාව.අර පටන් ගත්තම ගහෙන් ගෙඩි එනවා වගේ දැම්මේ එ සෙට් එකේ කතා තමයි.
මෑත භාගයක් වනතුරුම ඩොලරයක් අගය යේන් 70 අගයන් දක්වා පහත වැටි තිබුනු ඩොලරය්ක්w යේන් 50 ක් දක්වා කඩන් වැටීමේ හැකියාව තිබුනු ඇති බවයි. ලංකාවේ විදේශ මුදල් හුවමාරුවයි ජපන් විදේශ මුදල් හුවමරුවේදියි එකම දේශිය මුදල්
ඒකකය බාල්දුවීම කියන කාරණය මේ රටවල් දෙකට දැනෙන විදිය වෙනස්. ආනයන වියදම අපනයන වියදමට වඩා වැඩි ලොක වෙලඳපොළ වෙතට බරපතල මට්ටමෙ නිෂ්පාදන දායකත්වයක් සපයන්නේ නැති ලංකාවේ අර්ථිකයට රුපියල බාල්දුවීම විදේශ සංචිත පහත වැටීමටත්, රට තුල භාණ්ඩ මිල ඉහල යාමටහ් බලපෑවට,අපනයන අගයන් ආනයන වියදම ඉක්මවා ගොස් තිබෙන ලොක වෙළඳ පොළට දැවැන්ත භාණ්ඩ නිෂ්පාදනයක් දක්වන ජපාන අර්ථිකයට යේන් ඒකකය බාල්දු වීම කියන්නේ පුල් ආතල් වැඩක්ය.මොකද ඩොලර් එකකට ලැබෙන යේන් ප්රමාණය වැඩි නිසා , සරලව කියුවොත් ගිය අවුරුද්දේ ටොයොටා කොම්පැනිය කාර් එකක් ඩොලර් එකකට ඇමරිකාවට විකුණු විට ලැබුනේ යෙන් 75යි, හැබැයි අද ඒ කාර් එකම ඩොලර් එකට ඇමරිකාවට වික්කොත් යේන් 80ක් හම්බ වෙනවා.වැරදිලා හරි ඩොලර් එක යෙන් 100ට වගේ ගියොත් අද 1 යි බීංදු බර ගානක ශුද්ධ පාඩුවක් විදින සොනි,පැනසොනික් සහ අනිකුත් ඉලෙක්ට්රොනික් භණ්ඩ නිෂ්පාදකයන්ට කජු කනවා වාගේ ඔළුව උස්සනන ලැබෙනවා.(වෙනත් කාරණා කිපයකුත් සම්පුර්ණ වෙන්න ඔනේ තමයි)
හොඳයි ඊ ළඟ කාරණය තමයි කොහෙන්ද මේ එක පාරටම, එක දිගට කඩන් වැටුනු ජපන් අර්ථිකයට පොඩ්ඩක් හරි ඔක්සිජන් ලැබුනේ?උත්තරය සරලයි. ඇමරිකාවේන් ,දැන් මම කියන්න යන්නේ ජපන් අර්ථිකය ගැන අනාගත අනාවැකි කියන්න පුළුවන් පහසුම මඟ ගැන.ඔන්න එහෙනම් අහගන්න හොදේ!ඇමරිකානු ආර්ථික ප්රගමණය කොචර කල් පවතනවාද කියන එක මත ජපාන වෙළඳ පොළේ හැසීරිම නිකන් ඇස් පියාගෙන කියන්න පුලුවන්.ඔක තමයිසීන් කොන් එක. මාගේ අර්ථික වි
ද්යාව පිළිබඳ දැනුම් තේරුම් තියෙන යාළුවෝනම් කියනේ 2012 කියන්නේ ඇමරිකා අර්ථිකයේ අළුත් යුගයකට මුල පුරන ඒපොක් මේකින්epoch-making යේයර් එකක් කියලා.
හැබැයි ඔක රැඳිලා තියෙන්නේ අපි හොඳට දන්න කියන බුවාලා දෙන්නෙක් මත. එක්කෙනක් තමයි ෆෙස්බුක් නිර්මතෘ Mark Zuckerberg, අනිත් කෙනා ඔබමා ජනධිපති.
ඔබමා ජනතිපති තුමාට මේ අවුරුදේ බඩු පැක් කරගෙන ධැවල මන්දිරයට අයුබෝං කියන් නැතිව ඉන්නනම් දැනට 8% තියෙන ඇමරිකන් විරැකියා ප්රතිශතය ජන්දේට කලින් ඉතිං 7% බස්සන්න වෙනවා.දැනට ආරම්භ කරලා තියේන භණ්ඩාගාර බිල් පත් නිකුත් කිරීම සහ එෆ්.ආර්.බී. එක මේ වසන්නතයේ ක්රියාවට නංවනQE3(එළිසබෙත් රැජින එහෙම නෙමයි Round 3 of quantitative easingකියලා එකක් හොඳේ) සැලසුමයි,(ඔව්යේ දිග ප
ලළ එහෙම මගෙන් අහනවා එහෙම නේමේයි!),නැවත නැවත භාවිත කල හැකි බලශක්තියි සැළසුමුයි, හවුස් ලොන් වලට පොඩි පොඩි සහන ටිකක් දිලා නිශ්චල දේපොල වෙළඳ පොල පණ ගස්සන එකයි.යුරොප මධ්යම බංකුව සහ ජපාන මහ බංකුව වෙළඳ පොළට සිදුකිරිමට නියමිත මුදල් පොම්ප කිරිම නිසා මේ වසර තුළ Money Bubbleඑකක් හැදෙනු ඇත කිය

ලා තමයි ඔය දන්න කියන අය කියන්නේ.
ෆෙස්බුක් මේ වසරේ කොටස් වෙළඳ පොලට පිවිසීමට නියමිත වීම තම්යි ඊළඟ වැදගත් කේස් එක,අති දැවැන්ත මුදල් ප්රමානයක් කොටස් වෙළඳ පොළට පිවීසිමNY Dow Jones කොටස් අගය 2007ඔක්තොම්බර් වල වාගේ ඉහල අගයක් වාර්තා කරයි කියලා තමයි අනාවැකි කිය
න්නේ.90 දශකයේ සිදුවුනු Dot-com Bubble එකේ දෙවැනි කොටස අපිට දකින්න ලැබෙයි කියලා මං හිතනවා(මේචර වෙලා අනිත් අය කියපු බයිලා කියලා යන්තං මාගේ ඔර්ජිනල් අදහසක් කියන්න ලැබුනා)
මුලාශ්ර
ශුකන් පොසුටෝ සඟරාව

පින්තුර
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSDKZcehtNMxEdj4uboQMc9sDK1VF7gQffHya59RFZPZT-I8it7BtFvnhBfYg
http://free-business-illustration.com/material/073.png

2 comments:

  1. උඔත් නිකං ෆොරෙක්ස් කරනව වගේ මචං...... :D :D

    ඉකොනොමි ගැන හොඳට දන්නව වගේ.... :)

    ReplyDelete
  2. සුපිරි ඉකොන් ලෙසන් එකක් නේ සහෝ.... ලිහංකෝ මේ වගේ ඉකොන් ලෙසන් දිගමට

    ReplyDelete