a

Sunday, February 26, 2012

ලොකේ හැමදාම ඉදිරියට යනවා හැබැයි ...හිටපු ගමන් ආපස්සටත් යනවා. -- සේල් ෆොන් වල සයිස් එක--!


දැනට අවුරුද්දු 4,කට 5කට කලින් වාගේ නම් කවුරු හරි අළුතේන් මොබයිල් ෆොන් එකක් ගත්තා කියුවාම අපි ඉතින් එකේ තියේන ගැජට් බැජට් ගැන වාගේම හොයලා බලන එකක් තමයි ෆොන් එක කොච්චර පොඩිද හුරුබුහුටිද බර අඩුද? කියලා. ඊයේ පෙරේදා මගේ යළුවෙක් ෆොන් එකක් ගත්තා.මෙහේ ඔනතරම් ෆොන් කඩ තියේදි මිනිහා වෙන කොහෙද රටකට ෆොන් එකක් තමයි නෙට් ෂෝපිං සයිට් එකක් හරහා ගෙන්න ගත්තේ.සැමුසන් ගැලැක්ෂි නොට් කියලා එකක්.මාත් ඉතින් පොඩ්ඩක් අතට අරන් බැලුවා අප්පටසිරි ! තනි අතේන් කොන්ට්‍රොල් කරන්න බැරි තරම් ලොකුයි."මචං මෙක ෆොන් එකක්ද නැත්නම් ටැබ්ලට් එකක්ද?""මං එහෙම ඇහුවත් නේට් එකේ දාලා තිබුනේ තනි අතේන් පාලනය කල හැකි ලොව විශාලතම ස්මාර්ට් ෆොනය ලෙසයි.පළල 8.3CM උස 14.7.CMසාක්කුවේ දාගෙන යන්නනම් ටිකක ලොකු සාක්කුවක් කලිසමට මහගන්න වෙනවා.මොනවා හරි කරලා සාක්කුවට ඔබා ගත්තත් එළියට ගන්න තව ගේමක් දෙන්න ඔනේ සයිස් එකේ බඩුවක් තමයි.ෆොන් එක තනි අතේ අල්ලගෙන කනේ තියං කථා කරන එකනම් ටිකක් පුරුදු වෙනකන්ං අවුල් අවුල් වාගේ ගතියකුත් තියේනවා.
ෆොන් එක අසමාන්‍ය විදියට ලොකු කරන්න ගියාම බැටරිය කොචර කල් අල්ලලා හිටිනවාද කියන එකත් ටිකක් හොයලා බලන්න ඔනේ.
මාගේ නම් හිතට ඇල්ලුවේ නැති වුනත් පොඩි එකාගේ අසාවනේ කියලා මත් ඉතිං"ෂොක් ෆොන් එකනේ,සාක්කුවට දාගන්න ලෙසි වෙන්න ෆොන් එක දෙකටවත් නමන්න පුළුවන් විදියට තිබුනනම් තව ටිකක් ෂොක් කියලා"පොඩි කොමෙන්ට් පාරක් දැම්මා. "නෑ මචං මං මේ ෆොන් එකම ගත්තේ බලහන්  මෙකේ ස්ක්‍රීන් එකේ සයිස් එක ,ඇහැට පේන සයිස් එකේ ස්ක්‍රීන් එකක් නැත්නම් ෆොන් එකේන් වැඩක් නැහැ මචං" අනිත් පැත්තේන් ආපු උත්තරේ!ඔක ඇහුවාම තමයි මට මතක් උනේ අවුරුද්දු 5කට 6කට කලින් ෆොන් එකක් නම් ටිකක් සයිස් එකෙන් පොඩි වෙන්න ඔනේ කියන සංකල්පේ යල් පැන්නා කියලා.මේ යන විදියට ගියොත් බැටරිය වෙනම බැග් එකක් වාගේ කරේ දාගෙන ස්ක්‍රීන් එක විතරක් අතේ අරන් යන ෆොන්නුත් එන්න බැරි නැහැ.
80දශකයේ MOTOROLAසමාගම මුල් වරට උස 33CMපළල9CM වුණ DynaTAC දුරකථනයේ ඉදින් ඇපල් සමාගම අයි ෆොන් එක හදුන්වා දෙනකම් වෙළඳ පොළ තුළ තිබුනේ කුඩා සහ හුරුබුහුටි ෆොන් සඳහා ඉල්ලුම පොඩ්ඩක් විතර වෙනස් වෙන්න ගත්තා. කොහොමත් වසර 2000 වෙද්දී වාගේ සෙල් ෆොන් එක කුඩා කිරිමේ සීමාව වෙනකම් වාගේ ඇවිත් තිබුනේ.ස්මාර්ට් ෆොන් වුනත් කුඩාවට නිෂ්පාදනය කරන්න පුළුවන් කම තිබුනත්(කුඩා ස්මර්ට් ෆොන් ගණනාවක්ම වෙලඳ පොළට ඇවිත් තියේනවා)කුඩා වීම කියන සංකල්පයට තිබුන ඉල්ලුම අඩුවීම නිසා හරි නැත්නම් සේල් නිෂ්පාදකයින්ට කුඩා කිරිම එපා වෙලා ගිහින් හරි  අතේ ප්‍රමාණයට විශාල සයිස් එකේ ෆොන් තමයි මැතක වැඩියෙන්ම ජනප්‍රිය වුනේ.සමහර විට 2007 දි අයි ෆොන් එක වෙළඳ පොළට පිවිසිමත් පසුව ස්මාර්ට් ෆොන් සඳහා තිබුනු ඉල්ලුම විශාල ප්‍රමාණයේන් ඉහල යාමක් සිදු වුණා,තරඟයට පිවිසුණු Andoroidෆොන් වෙළඳ පොළ තරඟය ජයගැනීම සඳහා එහි නිෂ්පාදකයින් විවිධ නව අංග එකතු කරන්න ගත්තා ,සමහර විට ස්ක්‍රීන් එකේ විශාල විම වෙළඳ පොල තුළ Product differentiationඑකක් විදියට කල්පනා කලා වෙන්නත් පුළුවන්.
ඔය කථා කොහොම වුනත් මනුෂයිගේ අත්ල ප්‍රමාණය පිරිමියෙකුගේ 8.4CMගැහැනියෙකුගේ7.4CM කියලා තමයි සලකන්නේ.එහෙම බැලුවාම ඇපල්ලාගේ පළල 6CM සහ උස 11.5CM වුනු  අයි ෆොනය මිනිස් අතට වඩාතම පහසු සයිස් එක කියලා හිතලා Jobsමහත්තයා කල්පනා කරලා තියේනවා වාගේ, එකනේ 2007 ඉඳන් අද වෙනකම් අළුත් අයි ෆොන් නිකුත් කලාට සයිස් එක වෙනස් කලේ නැත්තේ!

 අශ්‍රිත
නීව්ස්වීක් ජපාන වෙළුම-29 පෙබරවාරි 2012 කලාපය

පින්තුරය
http://www.marktoon.co.uk/cartoons/gags/marktoon-smart-mobile-phone-gag.gif

4 comments:

  1. Hmmm.... But I still prefer small phones... Easy to handle... :)

    ReplyDelete
  2. No...... when compare with features of a smart phone like galaxy note i don't think size is a big problem. If i can use as smart phone and tablet both i never mind even its little bit large

    ReplyDelete
  3. ඉස්සර ලොකු ෆෝන් වලට අපිත් විහිලු කරා ගඩොල් බාගේ කියලා ඒත් දැන් ගඩොල් සයිස් ඒවා අපිත් යූස් කරනවා :D

    ReplyDelete
  4. Mokakda ara iPad 3 ."?

    ReplyDelete