a

Wednesday, June 12, 2013

(WWDC අවසාන කොටස) අළුත් ios 7 සහ iTunes Radio

Schiller උප සභාපතිවරයා විසින් Macs හඳුන්වලා දීමේන් පසුව නැවැත ටිම් කුක් එනවා වේදිකාවට.







මේතැන ඉඳන් iCloud ගැන ඉදිරිපත් කිරිම්.මිලියන 300ක් ඉක්මවන iCloud usersලා.
මේතැන ඉඳන් වේදිකාව භාර ගන්නේ ඇපල් සමාගමේ Productivity Applications භාරව ඉන්න Roger Rosner විසින්.ඔහු විස්තර කරනවා iWork for iCloud ගැන.ඉදිරියේදී Pages、Numbers、Keynoteභාවිතා කරලා ලිපි සැකසීම Mac/PC ඕනෑම පරිගණකයක(බ්‍රවුසරය මත )කරන්න පුළුවන්කම ලැබෙනවා ඒ Pages、Numbers、Keynote වාගේ ඇපල් ඇප්ලිකේෂනස් iCloud මත ධාවනය වෙන පහසුකම ලබාදෙන නිසා.






ඊ ලඟට දවසේ වැඩිම අවධානය දිනගෙන සිටි ios7 ගැන හඳුන්වා දෙනු ලබනවා ටිම් කුක් විසින්. ඔහු ios භාවිතය ගැන මුලින්ම විස්තර කරනවා .එහිදී ඔහු පවසනවා ලොව පුරා ios devices මිලියන 600 විකිණි ඇති බව. iPhone  සහ Android භාවිතයේ වෙනස්කම් Experianනම් සමික්ෂණ ආයතනයේ වාර්තා ඉදිරිපත් කරමින් විස්තර කරනවා.තව දුරත් ඔහු පවසනවා ios භාවිතා කරන්නන්ගෙන් 93%ක්ම ios6භාවිතා කරන බව.
ඊ ලඟට අළුත් ios7 user-interface එක බොහොම අළුත් දෙයක් බව පවසලා අළුත් ඩිසයින් එක සම්බන්ධව Jony Ive කතා කරන විඩියො පෙළක් නරඹන්න සලස්සනවා. 




නැවතත් Craig Federighi උපසභාපතිවරයා වේදිකාවට පැමිණ ios7 විශේෂාංග හඳුන්වා දෙන්න.ඔහු පවසනවා "ඔබගේ දුරකථනයට ios7 ඉන්ස්ටෝල් කර ගත්තම හරියට අළුත් දුරකථනයක් ගත්තා වාගේ වේයි කියලා."ඔහු පහදන ප්‍රධාන විශේෂාංග ,
Control Centerස්ක්‍රීන් එකේ පහල ඉඳන් උඩට  Swipe කරලා ගන්න පුළුවන් ,එහි අඩංගු වෙනබාWi-Fi, Bluetooth ,brightness ආදිය වෙනස් කරන්න පුළුවන් පාලක තිරයක්.
Multitasking සමන්‍යයෙන ios Device වල කලිනුත් Multitaskingවාගේ ක්‍රමයක් තිබුනත් එහිදී වුනේ ළඟදී භාවිතා වුන ඇපස් කීපයක පමණක් ඇප්ලි වල අවසන් වරට නිරත වුන තත්වය ඉතිරි වෙන එක සිද්ද වුනේ.ios 7 නියම Multitasking කියන  දේ අත් විඳින්න ලැබෙනවා.



මේ දක්වා ios වල safari බ්‍රවුසර් එක ටැබ් භාවිතයට සහයෝගය දැක්වුවත් උපරිමය 8කට සීමා කර තිබුනා.එම සීමාව මේවර යවත්කාලීනය සමඟ ඉවත් කර තිබෙනවා.ඒ වාගෙම Bookmark,Search සඳහා smart search field  කියලා අළුත් ඉන්ටර්ෆේස් එකක් එනවා.






පසුව ,අන්තර්ජාල මෘදූකාංග සහ සේවා සම්බන්ධ ඇපල් සමාගමේ උප සභාපති වරයා වන Eddy Cue පැමිණ අළුත් වුන  Siri ගැන පැහැදිලි කරනවා.කාන්තාSiriකටහඬට අමතරව පිරිමි
 Siri කටහඬකුත් මේ වසරේ එකතු වේනවා.වඩාත් දියුණු වුන Siri ට අළුත් වොයිස්මේල් පරික්ෂා කරන්නත් ,Bluetooth ඔන් කරන්නත් ,Brightness එක වැඩි කරන්න වාගේ වැඩකටයුතු ගනනාවක් කරන්න පුළුවන්ව තිබේනවා.
App Store වලට වයස සහ ඉන්න ස්ථානය අනුව ඇප්ස් හඳුන්වා දෙන විශේෂාංගය එකතු වෙනවා.
වාහන තුළ ios භාවිතයට iOS in the carපහසුකම හඳුන්වා දී තිබෙනවා.
Maps,iMessageඑහෙම Eyes Free විදියට ක්‍රියා කරවන්න පුළුවන්.
අවසාන වශයෙන් හඳුන්වලා දුන්නේ iTunes Radio පහසුකම.මෙක පවතින Music Player ඇප්ලියේටම එකතු වන Function එකක්.වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන නිසා මේ සේවාව නොමිලේ ලබා ගන්න පුළුවන්.මුලින්ම මේ සේවා පහසුකම ලබ දෙන්නේ ඇමරිකාවට පමණයි.


පින්තුර


No comments:

Post a Comment